පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්වා දෙනවා..
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 321.94 ක් ලෙස සහ විකුණුම් මිල රු. 331.60ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ද රුපියල අවප්රමාණය වී තිබෙනවා.

