මල්වතු ඔය දෙපස පහත්බිම්වලට ගංවතුර අවදානමක්

අධික වර්ෂාවත් සමග මල්වතු ඔය දෙපස පහත්බිම්වල ජනතාව වෙත ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ජනතාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

වෙන්ගලවෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රදේශවලට ඉදිරියේදී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම මෙම ප්‍රදේශ හරහා රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ ගංවතුර තත්ත්වය පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙසටය. b