මත්ද්‍රව්‍ය හා පාතලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් හෙට සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කරන්නේ ජූනි 30 වනවිට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදුකිරීම සඳහා පොලීසියට කාලය ලබාදී ඇති බවයි.
එසේම පොලිසිය ගෙන යන ඒ වැඩපිළිවෙලට සහාය දක්වන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.
“මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරාගන්න මම එකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් සිදු වෙන්න ඕනේ මේ රටේ කුඩුයි පාතාලෙයි. අපි අද ඉදලා හිතාගමු අපි මේක කරමු. සමහර විට සමාජ මාධ්‍යවල අපිට ගහයි. ඒ ගොල්ලෝ හිතනවා නම් ඒවා කරලා අපිව නවත්වන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නෑ.”

