උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ව පත්කිරීමට අවධානය යොමු ව ඇති බවයි වාර්තා වෙන්නේ.
26 හැවිරිදි වනිඳු හසරංග තරග 58කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති 20 – 20 කඩුලු සංඛ්‍යාව 91කි.
එසේම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කාලයක් අංක එකේ පන්දු යවන්නා ලෙස සිටි වනිඳු මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 03 වැනි ස්ථානයේ පසු වනවා.
කෙසේ වෙතත් එක්දින නායකත්වය සම්බන්ධයෙන් නව තේරීම් කමිටුව තවමත් අවසාන තීරණයක් ගෙන නොමැත.
2021 වසරේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස දසුන් ශානක පත් කළ අතර, 2023 එක්දින ලෝක කුසලානය අතරතුර දී අබාධයක් හේතුවෙන් ඔහුව ඉවත් කර තාවකාලිකව නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට එවකට තේරීම් කමිටුව කටයුතු කරනු ලැබුවා..
ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නටම ලබාදීමට අපේක්ෂා කරන බවයි.

