මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
එසේම කලාපයේ මෙන්ම ජාත්‍යයන්තරයේ සිදු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීමට ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටු වීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කරනු ලැබුවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි හෙතෙම මෙම අදහස් පළ කරනු ලැබුවේ.
මේ අමාත්‍යවරයා දැක්වූ වැඩිදුර අදහස්,
“අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල මුදලක් වෙන්කරමින් අයෝජනයක් සිදු කර තිබෙනවා. මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අප බලාපොරාත්තු වෙනවා. ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් ලබන මස පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

