යළිත් බිත්තර ආනයනයට සැලසුම්

හැකි ඉක්මනින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළා.

ඒ අද බිත්තර නිෂ්පාදකයන් සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසුවයි.

එහි දී බිත්තර මිල අඩු කිරීමට වෙළඳ අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීම බිත්තර නිෂ්පාදකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් මෙලෙස යළි බිත්තර ආනයනයට තීරණය කර තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයන් චෝදනා කර ඇත්තේ බිත්තර මිල ඉහළයෑමට වගකිව යුත්තේ තමන් නොව බේකරිහිමියන් සහ අතරමැදියන් බවයි.