එක් ප්‍රාණ අපකරුවෙක්ගේ සිරුරක් සොයා ගත් බව ඊශ්‍රායලය කියයි

ඔක්තෝබර් 7 වනදා සුපර්නෝවා සංගීත උළෙලේ සිටිය දී හමාස් සාමාජිකයන් විසින් අල්ලා ප්‍රාණ ඇපකරුවෙක් ලෙස රඳවා තබා ගෙන සිටි එලියා ටොලෙඩානෝ ගේ සිරුර සොයා ගෙන ඇති බව ඊශ්‍රායල හමුදා පවසනවා.

ගාසා තීරයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර ඇගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

පසුව සිරුර ඊශ්‍රායලය වෙත යවා ඇති අතර එහි දී ඇගේ පවුලේ අය විසින් එය හඳුනා ගෙන ඇති බවයි ඊශ්‍රායල හමුදා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සමඟම ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවත් තීව්‍ර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ රාත්‍රියේ ගාසා තීරයට ප්‍රබල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති අතර ඒ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටින බව සඳහන් වෙනවා.

ප්‍රහාරත් සමඟ ගාසා තීරයේ අන්තර්ජාල සහ දුරකථන සේවා යළිත් අඩාල වී තිබෙනවා.

මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයන් 18,700 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 50,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.