ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
එසේම ජාත්‍යන්තරයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
අද පස්වරුවේ නෙලුම් පොකුණ රඟහලේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීන් 148 දෙනෙකු මෙහිදී උපාධි ගනු ලැබුවා.
එසේම ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් ආරක්ෂක විද්‍යාලය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීම ද මෙහි දී සිදු කළා.




