පොහොට්ටුවේ මහ සම්මේලනය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එය අද පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීවීමට නියමිත යි.

ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් ඒ සඳහා පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙවර සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේය.