උඩවලව ජලාශයේ පිටවාන ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යාවශ්‍ය ඉදිකිරිම් කටයුත්තක් හේතුවෙන් එම වේල්ල මතින් දිවෙන මාර්ගය හෙට සිට ලබන 22 වනදා දක්වා වසා තැබෙන බව මහවැලි අධිකාරිය නිවේදනය කරනවා.
ඒ අනුව ලබන 23 වනදා සිට ජනවාරි 6 වනදා දක්වා එක් මංතීරුවක් පමණක් ගමනාගමනයට විවෘත කිරීමට නියමිත අතර ලබන වසරේ ජනවාරි 7 වනදා සිට ජනවාරි 14 වනදා දක්වා ද මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිත ඇත.
උඩවලව – ඇඹිලිපිටිය හරහා දහතුනේ කණුව දක්වා වන මාර්ගය විකල්ප මාර්ග ලෙස භාවිත කළ හැකි බවයි මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

