හෙට සිට යළිත් වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයේ තාවකාලික වර්ධනයක් හෙට(14) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.