ගාසා තීරයට එල්ල කරන දරුණු බෝම්බ ප්රහාර හේතුවෙන් ඊශ්රායලයට ගෝලීය සහාය අහිමි වෙමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පවසනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ඇමරිකාව සෑම විටකම ඊශ්රායලයට සහාය දැක්වීමට උත්සාහ කරන නමුත් යුරෝපය, යුරෝපා සංගමය ආදී බලවතුන් ගේ සහය ඊශ්රායලයට අහිමි වෙමින් පවතින බවයි.
බයිඩන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊශ්රායලයට හමාස් සංවිධානයට එරෙහිව සටන් කිරීමට සහ ඔවුන්ට විරුද්ධ වීමට සම්පූර්ණ අයිතියක් ඇති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ඇමරිකාව තමන්ට හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් සටන් කිරීමට මෙන්ම සිය ප්රාණ ඇපකරුවන් බේරා ගැනීමට නිරන්තරයෙන් සහාය දෙන බවයි.
එසේම ඔහු පෙන්වා දෙන්නේ සටන් විරාමයක් සඳහා අනෙකුත් රටවල් විසින් ඊශ්රායලය වෙත එල්ල කරන පීඩනය, ඇමරිකාව විසින් වලක්වන බවයි.

