සිගරැට් අරක්කු සහ බියර් සඳහා දෛනිකව රුපියල් කෝටි සියයක් මෙරට තරුණ පිරිස වියදම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු පිළිබඳ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයක දී මේ බව අනාවරණය වී තිබෙනවා.
සමස්ත වැඩිහිටි පිරිමින්ගෙන් 30.2%ක් සිගරැට් පානයට ඇබ්බැහි වී සිටින බවත් ඉන් රුපියල් කෝටි 40ක් බහුජාතික සමාගම් විසින් උපයා ගන්නා බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.
එසේම අවුරුදු 18ට වැඩි පිරිමි ජනගහනයෙන් 35%ක් මධ්‍යසාර භාවිතයට ඇබ්බැහි වී සිටින අතර ඒකපුද්ගල මධ්‍යසාර පරිභෝජනයට ලීටර් 4.3ක් බවත් ඉන් දෛනිකව කෝටි 60ක මුදලක් හිමි වන බවත් සඳහන් වෙනවා.
එසේම එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙම මධ්‍යසාර සහ සිගරැට් භාවිත කිරීම හරහා දෛනිකව පුද්ගල මරණ 80ක් පමණ සිදුවන අතර සියයකට අධික පිරිසක් රෝගීන් වන බවයි.

