එළඹෙන ජනවාරි 7 වනදා ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිත 81 වෙනි Golden Globe සම්මාන උළලේ එක් එක් අංශ සඳහා වූ නාමයෝජනා ඊයේ ප්‍රසිද්ධ කරනු ලැබුවා.
එහි දී ජනප්‍රියම චිත්‍රපට අංශයේ වැඩිම මනාප ප්‍රමාණයක් හෙවත් මනාප 09ක් ලබා ගැනීමට Barbie චිත්‍රපටය සමත් වී තිබෙනවා.
එසේම එහි දෙවනියට වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගෙන ඇත්තේ Oppenheimer චිත්‍රපටය යි.
Killers of the Flower Moon, Poor Things, Past Lives යන ඒවා නිර්දේශිත අනෙක් චිත්‍රපට ලෙස ලයිස්තුවේ දක්වා ඇත.
එසේම Oppenheimer චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් Christopher Nolan සහ එහි රංගනය වෙනුවෙන් Leonardo DiCaprio ද පිලිවෙලින් හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා.
Barbie චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බාබි ගේ චරිතය නිරුපනය කළ Margot Robbie හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා,

