වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 100කට වැඩි ප්රමාණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර ලොකු ලූනු කිලෝවක් රුපියල් 260ත් 280ත් අතර මිලකට පැවති නමුත් ඊයේ දිනයේ දී එය රුපියල් 380ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම මේ වන විට ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇති බවයි පාරිභෝගිකයන් චෝදනා කරන්නේ.
ලංකා සතොස ද ලොකු ලුණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ(11) දිනයේ අලෙවි කළ අතර රාජ්ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩි කරන්නේ කෙසේදැයි පාරිභෝගිකයෝ වැඩිදුරටත් ප්රශ්න කරනවා.

