අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ හාලිඇළ උඩුවර ප්රදේශයේ සිදුවූ නායයෑමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.
බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ ලේකම් මේජර් සුදර්ශන දෙනිපිටිය සහ බදුල්ල දිස්ත්රික් ලේකම් ශ්රී ප්රභාත් අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකිය.
හෙට දිනයේ සිට 99 කොළඹ-බදුල්ල ප්රධාන මාර්ගය භාවිත කෙරෙන මගී ප්රවාහන බස් රථ ද මෙම විකල්ප මාර්ගය ඔස්සේ ධාවනය කරන බව සඳහන්.

