බිත්තර මිල යළි ඉහළට

උත්සව සමය එළඹෙමින් තිබිය දී බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට සුදු බිත්තරයක මිල රුපියල් 50ක් ද, රතු බිත්තරයක මිල රුපියල් 53ක් ලෙස ද අලෙවි වනු ලබනවා.

මෙලෙස බිත්තර මිල ඉහළ යාමත් සමඟ උත්සව සමයේ දී බිත්තර ආශ්‍රිත ආහාර වර්ග වල මිල ද ඉහළ යෑමක් සිදු වනු ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් කියා සිටියේ දෙසැම්බර් සහ ජනවාරි මාස වල දී බිත්තර මිල ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයක් බවයි.