මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ජනවාරියේ

ලබන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.

එසේම නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීළග සභාවාරය තෙක් ප්‍රමාද කරන බව යි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

ඒ අනුව ලබන 12 හෝ 13 යන දිනවල අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බවයි නව විදුලි බල පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම අවධාරණය කළේ.