ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනාවට ඇමරිකාව එරෙහි වී තිබෙනවා.
අදාළ යෝජනාව සඳහා ඊයේ ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහි දී සාමාජික රටවල් 15න් එයට පක්ෂව ඡන්ද 13ක් ලැබී තිබුනා.
එහි දී එක්සත් රාජධානිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් නිෂේධ බලය හිමි ඇමරිකාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සටන් විරාම යෝජනාව පරාජයට පත් වී තිබෙනවා.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ළමුන් 7,000ක් ද ඇතුළුව පුද්ගලයන් 17,177කට වැඩි සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වී තිබෙන බවයි හමාස් සංවිධානය යටතේ පවතින සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

