මහනුවර බෝගම්බර බන්ධනාගාරය ජාත්‍යන්තර තරු පහේ හෝටලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.
බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම රැකගනිමින් එහි හෝටලයක් ද ඇති කිරීමට මේ හරහා පියවර ගනු ලබනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා, යාල හිල්ටන් හෝටලය ඉදි කළ මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් ආයෝජනය කරන බවයි ඔහු අනාවරණය කරනු ලැබුවේ.
එසේම බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද නාගරික සංවර්ධන අධිකාරියට මේ වන විට ලැබී තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉදිකරන ලද මහනුවර පිහිටි තෙමහල් බෝගම්බර බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බන්ධනාගාරය වන අතර එය තනි අත්තිවාරමක් මත ඉදිකරන ලද ආසියාවේ දිගම ගොඩනැගිල්ල වනවා.
අතීතයේ සිට වසර 138ක් ක්‍රියාත්මක වූ බන්ධනාගාරය 2014 වසරේදී වසා දමනු ලැබුවා.




