දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සතෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.
මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ බවයි සඳහන්.
පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා එම සත්ත්වයා නිර්වින්දනයට ලක් කර ඇති අතර ජිරාෆ් පසුව යළි ප්‍රකෘති තත්ත්වයට පත් වී නැත.
එම නිර්වින්දන ඖෂධය හේතුවෙන් ඇති වූ යම් ආසාත්මිකතාවයකින් එම සත්ත්වයා මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
මෙම සත්වයාගේ මරණයත් සමඟ මේ වනවිට සත්වෝද්‍යානයේ ඉතිරිව සිටින්නේ එක් ජිරාෆ් සත්ත්වයෙකු පමණක් වනවා.

