නත්තල් මාසේ කියන්නේ නත්තල සමරන අයට වගේම නැති අයටත් උත්සව සමයක් නේ. හැමෝම නත්තල හෝ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අලුත් ඇඳුම් අර ගෙන ලැස්ති වෙනවා. ඒ වගේම තමයි මේ කාලේ කඩවල උනත් ලොකු offers දෙන නිසා අපි කොයිකව්රුත් අපිට පුළුවන් විදිහට ඇදුමක් දෙකක් හරි ගන්නවා. සමහර අය නම් අවුරුද්දටම shopping කරන්න මේ මාසේ තමයි.
ඉතින් අනිවාර්යයෙන්ම ඔයා යාලු වෙලා ඉන්න කෙනෙක් නම් හරි එහෙමත් නැත්නම් cush එක පස්සෙන් යන කෙනෙක් නම් ඔයා කල්පනා කරනවා ඇති මේ නත්තලට හෝ අලුත් අවුරුද්දට එයාටත් මොනවා හරි දෙන්න. විශේෂයෙන් ගෑනු ළමයි එහෙම හරි ආසයි නේ එයාගේ boyfriend එයාට තෑග්ගක් දෙනවට. කොල්ලොත් ආසයි තමයි, එත් ගෑනු ළමයි ව ඉක්මනට shape කර ගන්න, සතුටින් තියන්න ඔයා දෙන තෑගී වලට පුලුවන්. crush එකව උනත් ඉක්මනට දා ගන්න පුළුවන් ඔයා දෙන තෑග්ග අනුව.
ඒ වගේම තමයි ඔන්න රණ්ඩුවකින් පස්සේ එයාව බලන්න යනවා නම් අනිවාර්යයෙන් තෑග්ගක් අරන් යන්න. එතකොට ඔයාට කනක් ඇහිලා ඉන්න නම් පුළුවන් වෙයි… හිකිස්….
දැන් ඉතින් ගොඩක් අයට තියෙන ප්රශ්නේ තෑග්ගක් දෙන්න ඕනි වුනත් මොනවද දෙන්නේ කියලා නේ. ඒක ඉතින් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. යාලු වෙලා ඉන්න දෙන්නෙක්ගේ උනත් උන් දෙන්නා මොනතරම් ආදරෙන් හිටියත් දෙන්නාගේ කැමැත්ත අකමැත්ත වෙනස් වෙන වෙලාවල් තියෙනව නේ.
ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕනි එයා කැමති දේ අඳුර ගන්න එක.
එයා ඔයා එක්ක කතා කරන දේවල් වලින් මේක ලේසියෙන්ම ඔයාට අඳුර ගන්න පුලුවන්. මොකද කෙල්ලෝ මූණට ඉල්ලන්නේ නැති ගොඩක් දේවල් ස්ක්රීන් ෂොට් වලින් එවනවා.
හිතන්න, කෙල්ලෙක් ඔයාට shop එකක තියෙන මුද්දක ෆොටෝ එකක් එව්වා කියලා… එතකොට ඒකි ඒ නොකියා කියන්නේ මට මේක අරන් දෙන්න මන් මේකට කැමති කියලා තමා. ඉතින් ඔයාට පුළුවන් එයා ඒ එවන එක ම හොයලා ගිහින් අරන් දෙන්න. හිතන්න google එකේ තියෙන දෙයක් එව්වා කියල, ඔයාට එකී ගේ හිත දිනා ගන්න කරන්න පුළුවන් එක ලොකු දෙයක් තමයි මොන දිව්යලොකෙන් හරි හොයලා ඒක ගෙනත් දෙන එක… ඒ නිසා කෙල්ල උඹට එවන ස්ක්රීන් ෂොට් වලින් අනිවාර්යයෙන් ලොකු idea එකක් ගන්න පුළුවන් ඒකි මොනවට ද කැමති කියලා.
ගොඩක් වෙලාවට කොල්ලෝ නම් එහෙම ස්ක්රීන් ෂොට් ද දා වටෙන් කියනවා අඩුයි, උන්ට ඕනි නම් උන් කෙලින්ම කියනවා මන් මෙකට කැමති කියල. කොල්ලෝ අපි ඉතින් කොහොමත් කෙල්ලෝ වගේ නෙමෙයි නේ, හරි සරල ජීවිත… හිකිස්….
එහෙම උඹේ කෙල්ල හෝ කොල්ලා මොකුත් එවන්නේ නැත්නම් ඊළඟට කරන්න තියෙන්නේ එයාගේ social media check කරන එක තමයි. ඔය follow කරන්නේ කාවද කියලා CID වැඩ කරන වෙලේ හොයා ගන්න එයා ෆලෝ කරන shops එහෙම මොනවද කියලා. මොකද ඕනිම කෙනෙක් ගේ social media එක කියන්නේ එයා කැමති දේවල් හොයා ගන්න සුපිරිම තැනක්. ඉතින් එයා ෆලෝ කරලා තියෙන shops වලින් ඔයාට පුළුවන් මොනවා හරි අරන් දෙන්න. එහෙම නැත්නම් එයා කැමති දේවල් ඒකෙ තියෙනවා නේ, එකට ගැලපෙන්න මොනවා හරි අරන් දෙන්න.
හිතන්න උඹේ කෙල්ල ආසයි makeup බඩු වලට කියලා, ඉතින් ඔයාට පුලුවන් shape එකේ එයා ගන්න brand එහෙම හොයලා එකෙන් දෙයක් අරන් දෙන්න. හැබැයි මේක නම් ටිකක් භයානකයි මොකද අපිට හැම එකම රෝස වගේ පෙනුනට උන්ට baby pink අර pink මේ pink කියලා රෝස පාටම හැටක් විතර තියෙනව. ඒ නිසා shape එකේ අරන් දෙන්න එහෙම දෙයක් අරන් දෙනවා නම්. නැත්නම් ගිෆ්ට් එක ඔලුවේ ම ගහයි එකී. හිකිස්. කෙල්ලෝ කියන්නේ එහෙම ජාතියක්.
ඉතින් කෙල්ලන්ට නම් හරිම ලේසියෙන් කොල්ලෝව සතුටු කරන්න පුලුවන්. එයාට බයික් එකක් කාර් එකක වගේ තියෙනව නම් ඒකට මොනවා හරි අරන් දීලා බලන්නකෝ, හරිම සතුටුයි කොල්ලට…
ඔන්න ඔහොම Instagram, Facebook, Pinterest වගේ ඒවගෙන් ඔයාගේ crush එක හෝ ආදරේ කරන කෙනා කැමති දේවල් හොයා ගන්න පුළුවන්.
එහෙම බලනකොට එයාල මොකක හරි price එක අහලා හරි ආසයි කියලා හිතෙන්න comment එකක් දාල තියෙන දේවල් ගැන විශේෂ ආවධනයක් දෙන්න. මොකද එයාල ඒවාට පට්ටම ආස වෙන්න ගොඩක් ලොකු චාන්ස් එකක් තියෙනවා.
මොන ගිෆ්ට් එකක් ගත්තත් එකෙන් එයාලට වැඩක් ගන්න පුළුවන් වෙන දෙයක් දෙන්න. නැත්නම් අපරාදේ ඒ ගිෆ්ට් එකෙන්. එයාලට දුන්න කෙනාව මතකත් නැහැ, අන්තිමට සල්ලිත් අපරාදේ වෙනවා. ඒ නිසා එයාට වැඩක් වෙන දෙයක් දෙන්න.
එතකොට එයා ඒ දේ පාවිච්චි කරන සැරයක් ගානේ ඔයාව මතක් වෙයි… ආදරේ ඉතින් එතකොට ගොඩක් වැඩි වෙයි…
ඒ වගේම තවත් දෙන්න පුළුවන් හොඳ ගිෆ්ට් එකක් තමයි customized කරපු තෑගී. ඔයාට පුළුවන් mug, කුඩ, බෝතල් වගේ දේවල් ලස්සනට customized කරලා දෙන්න. නිකම් ම mug එකක් කඩෙන් අර ගෙන දෙන එකට වඩා එහෙම ලස්සනට එකක් හදලා දුන්නම අපි එයා වෙනුවෙන් මහන්සියක් වෙලා තියෙනව කියලා එයාලට තේරෙනවා.
ඇත්තටම ගිෆ්ට් එකක් දෙන එකේ එක අරමුණක් තමයි එයාලට අපිව මතක තියෙන එක. ඉතින් ඒ දේ ත් ඉෂ්ට වෙන්න තමයි අපි බලල ගිෆ්ට් එකක් දෙන්න ඕනි. නැත්නම් ඉතින් උඹව මතක නැතුව ගිෆ්ට් එක විතරක් තියන් ඉදල බැහැ නේ.. එහෙම තමයි මිනිස්සු උනාම… මීයක් කඩන්නේ අත ලෙවකන්නද කියනවා නේ.
එන්න ඒ නිසා තෑග්ගක් දෙන කොට එයා ආස දේවල් වලින් දෙන්න. එයා ආස පාට, එයා ආස brand වලින් දෙන්න.
එහෙනම් මේ විදිහට ඔයත් ඔයාගේ කෙල්ලට crush එකට ලස්සන තෑග්ගක් අරන් දීලා ඔයත් 2024 අවුරුද්දම සුබ කර ගන්න. හිකිස්….
හැබැයි ඉතින් මෙච්චර හොයලා තෑගී දීලාත් දාලා ගියා කියලා නම් මට බනින්න එපා හොඳේ…. හිකිස්.. ඉන්න කෙනා මොකුත් දුන්නේ නැති වුණත් ඉන්නවා… යන එකා දියමන්තිය දාලා හදපු රැජිනගේ ඔටුන්න තෑගී දුන්නත් යනවා.
ජය වේවා!

