මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති උපදේශක ධූරයට

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

වතුකර දෙමළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස එකතු කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග ගැනීම මේ හරහා වඩිවෙල් සුරේෂ් වෙත පැවරෙනු ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

පසුගිය සතියේ සජබයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාව සමගි ජනබලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.

2024 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරයා ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.