වැසි සමයත් සමඟ සීග්රව ව්‍යාප්තිය ඉහළ යන ඩෙංගු තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ සාකච්ඡාවක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවක් අතරතුරදී ය.
කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් සිදු වී ඇති බවත්, රාජ්‍ය ආයතන, බෝට්ටු අංගන, පාසල්, ඇතුළු පොදු ස්ථානවල වාහක අභිජනනය වැඩි වී ඇති බවත් මෙහි දී අනාවරණය වී තිබෙනවා.
රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් ජනාධිපති කාර්යාලය මඟින් ලිපියක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල එක්ව මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලෙස ද සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.


