ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ රජය විසින් වසර තුනහමාරකට පසුව එම භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟයි.
පැවති කොවිඩ් අර්බුදයත් සමඟ කඩා වැටීමකට ලක් වුණු ඉදිකිරීම් කේෂත්රයට ආනයන සීමා ලිහිල් කිරිමත් සමඟ නව පන්නරයක් ලැබී ඇති බවයි එම සංගමය සඳහන්කර සිටියේ.
එසේම තවදුරටත් තීරුබදු වැඩිකිරීමක් සිදු නොකරන ලෙසයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

