2023 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන දින මෙන්න

2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 ජනවාරි මාසයේදී පවත්වනු ලබනවා.

එසේම සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට අදහස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම අවසන් කිරීම සඳහා සෑම විභාගයක් අතරම මාස තුනක කාල පරතරයක් අවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.

2025 වන විට නියමිත වසර තුළ විභාග පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.