නොවැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 150, 000 ඉක්මවයි

පසුගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයන් 151,496ක් පැමිණ ඇති අතර එය මේ වසරේ වාර්තා වුණු ඉහළ ම සංචාරක පැමිණීම ලෙසයි වාර්තා වෙන්නේ.

මේ අතරින් 20%ක් දෙනා ඉන්දියානු සංචාරකයන් වන බවයි ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

දෙවැනි ඉහළම සංචාරකයන් ප්‍රමාණය පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්‍රමාණය මුළු සංචාරකයන් ගණනින් 16%කි.

ජර්මනිය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය, එක්සත් ජනපදය සහ ප්‍රංශය යන රටවලින් ද විශාල ප්‍රමාණ වලින් සංචාරකයන් පැමිණ ඇති බව සඳහන්.

මේ සමඟම 2023 වසරේ මුල් මාස 11 දී ශ්‍රී ලංකාවට පැමිණි ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.27 සීමාව පසු කිරීමට සමත් වී තිබෙනවා.