විදුලි බිල මාසයකින් නොගෙව්වොත් රතු බිල්

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන්, ලක්ෂ පනහකට ආසන්න පිරිසකට විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මින් පෙර විදුලි පාරිභෝගිකයන් විසින් විදුලි බිල ගෙවා නැති අවස්ථාවක දී මාස දෙකක් හෝ යම් සැලකිය යුතු කාලයක් යන තෙක් රතු බිල් නිකුත් කිරීම සිදු නොවූ බවයි.

කෙසේවෙතත් මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් ප්‍රතිපූර්ණ නොකරමින් ඒ ඒ විදුලි කලාපවලට අභිමත පරිදි ආදායම් එක්රැස් කර ගැනීමට උපදෙස් ලබා දී ඇති නිසා මාසයක් තුළ බිල් නොගෙවන අයට ද රතු බිල් යැවීම සිදු වනු ලබනවා.

මේ හේතුවෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලි සැපයුම් අත්හිටුවීමට ද සිදු ව ඇති බවයි ලංවිම ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.