පිලිපීනයේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අවදානමක්

සෙනසුරාදා පස්වරුවේ දකුණු පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

කම්පනය හේතුවෙන් පිලිපීනයට, ඉන්දුනීසියාවට, මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සහ ජපානයේ සමහර ප්‍රදේශ වලට සුනාමි අවදානමක් ඇති වී තිබෙනවා.

මේ වන විට එම ප්‍රදේශ වලින් මිනිසුන් ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර දැනට එම ප්‍රදේශ ආශ්‍රිත මුහුදේ සිටින බෝට්ටු වලට නැවත දැනුම් දෙන තාක් ගැඹුරු මුහුදේ රැඳී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

අද අලුයම 1.30 පමණ වන විට මීටරයක් පමණ වූ සුනාමි රළ නිරිතදිග ජපාන වෙරළට ළඟා වනු ඇති බවයි ජපන් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද මධ්‍යම රාත්‍රිය වන විට මෙලෙස සුනාමිය ඇති විය හැකි බවයි පිලිපීන භූ කම්පන ඒජන්සිය සඳහන් කරන්නේ.