කුකීස් කියන්නේ අපි කවුරුත් කන්න ආස දෙයක් නේ. ඉතින් මේ දෙසැම්බර් 4 වෙනිදට යෙදෙන කුකීස් දවසේ ඔයා ආදරේ කරන අයට හදලා දෙන්න පුළුවන් රසම රස කුකීස් රෙසිපි එකක් තමයි අද අපි ඔයාලට අර ගෙන ආවේ.
මේ චොක්ලට් කුකීස් හදන්න හරිම ලේසි යි, ඒ වගේම ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.
මේ තියෙන්නේ කුකීස් 20කට ඕනි කරන ප්‍රමාණයන්. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට පුළුවන් මේ ප්‍රමාණ අඩු වැඩි කර ගන්න.
අවශ්‍ය අමුද්‍රව්‍ය:
- හොදින් දිය කර ගත් බටර් කෝප්ප 1/2
- රතු සීනි 1
- ලොකු බිත්තර 1
- වැනිලා තේ හැඳි 1
- පිටි කෝප්ප 1 1/3
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- ලුණු තේ හැඳි 1/2
- චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
දැන් අපි බලමු කුකීස් හදා ගන්න විදිහ
ඉස්සෙල්ලම අපි අපේ බටර් ටික හොඳින් රත් කර ගන්න ඕනි. මේක ඔයාට Microwave උදුනක් භාවිතයෙන් හරි ගෑස් cooker එකේ හරි කර ගන්න පුළුවන්.
ඔයා බටර් උණු කර ගන්න එකටම ඉතුරු අමුද්‍රව්‍ය ටිකත් එකතු කරන්නේ, ටිකක් හොඳට ඉඩ තියෙන භාජනයක බටර් ටික උණු කර ගන්න. එතකොට ඔයාට හරිම ලේසියෙන් මේක හදා ගන්න පුළුවන්.
උණු වෙලා තියෙන බටර් ටිකට අපි සීනි එකතු කරලා හොඳින් මිශ්‍ර වන තෙක් කලවම් කරන්න ඕනි. හොඳ smooth මිශ්‍රණයක් එනකම් මෙහෙම කලවම් කරලා, ඊට පස්සේ අපේ බිත්තරය සහ වැනිලා ක්‍රමයෙන් එකතු කරන්න ඕනි. එක පාර එකතු කරන්න යන්න එපා, හොඳට කලවම් කරමින් ටිකින් ටික තමයි එකතු කරන්න ඕනි.
ඊට පස්සේ අපිට පුළුවන් මේකටම අපේ පිටි ටික, බේකින් සෝඩා වගේම ලුණු ටිකත් එකතු කරන්න. මේ ටික එකතු කරලා හොඳින් කලවම් කරනකොට ලා දුඹුරු පාට ගනකම් මිශ්‍රණයක් ඔයාලට ලැබෙනවා.
මෙහෙම සාදා ගත්ත හොඳ ඝනකම් මිශ්‍රණයට දැන් චොකලට් චිප්ස් එකතු කරන්න ඕනි.
පස්සේ චිප්ස් ටිකත් හොඳට මිශ්‍ර කර ගෙන අපි මේ මිශ්‍රණය විනාඩි 30ක් වගේ කාලයක් plastic wrap එකකින් හරි වෙනත් සුදුසු විදිහකින් හොඳින් ආවරණය කරලා තියන්න ඕනි.
මේ කාලේ දී තමයි අපි එකතු කර ගත්ත බේකින් සෝඩා ටික හොඳට active වෙලා අපේ මිශ්‍රණය හොඳට පිපිලා එන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් හොඳට සිසිල් වෙන්න තියන්න, ඔයාට පුළුවන් නම් මීට වඩා වැඩි වෙලාවක් වුණත් තියන්න පුළුවන්, එතකොට ඔයාගේ කුකීස් හොඳට soft එකට එනවා.
ඉතින් එහෙම තියලා ඉවර උනාට පස්සේ තියෙන්නේ මේ කුකීස් ටික හදා ගන්න එක.
ඔයාට පුළුවන් මේක ලේසියෙන් ම ඔයාගේ oven එකේ කරන්න. කුකීස් මිශ්‍රණය අවන් එකට දාන්න කලින් අවන් එක සෙල්සියස් 350ක් දක්වා preheat කර ගන්න ඕනි.
Oven එක සැකසෙන්න දාලා ඔයාට පුළුවන් baking sheet එකක් අර ගෙන ඔයාගේ මිශ්‍රණයෙන් පොඩි පොඩි කොටස් අර ගෙන එකේ ලස්සනට තියලා කුකීස් හැඩයට හදා ගන්න. හැන්දක් වගේ අර ගෙන ලස්සනට රවුමට ඒ වගේම තුනී වෙන්න කුකීස් ටික හදා ගන්න පුළුවන්.
ඊට පස්සේ අන්තිම පියවර විදිහට කුකීස් රන්වන් පැහැයක් ගන්නකම් මිනිත්තු 10 ත් 13ත් අතර වෙලාවක් oven එකේ bake වෙන්න තියන්න ඕනි.
ඔන්න එහෙනම් දැන් ඔයාලගේ රසම රස කුකීස් එක ලෑස්තියි.
ඔයාට පුළුවන් උණු කෝපි එකක්, එහෙමත් නැත්නම් hot chocolate එකක් එක්ක ඔයාල හදා ගත්ත චොක්ලට් කුකීස් රස විඳින්න.
එහෙනම් අනිවාර්යයෙන් හදලා බලන්න…!


