සීගිරියේ ඉර සේවය නැරඹීමෙන් දිනකට ඩොලර් 3,000කට වැඩි ආදායමක්

සීගිරියේ සිට ඉර සේවය නැරඹීමට විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් 3,000කට අධික ආදායමක් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් අද වන විට අරමුදලේ ආදායම 614% කින් වර්ධනය කර ගැනීමට හැකි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වසර දෙකකට පෙර ණය බරින් පෙළුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් ඉපයීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස හෙළි කළේ ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.