සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2022(2023) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව සිසුන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කර https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකි වනවා.

එසේම ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදු කිරීමට නියමිත යි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ඇත.

එසේම දේශීය සහ විදේ

ශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර අද දිනයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසාදී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පණිවිඩය පහතින්,