ඉන්ධන මිල සංශෝධනයක්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 356ක් ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 346 දක්වා අඩු කර තිබෙනවා.

එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 423 සිට රුපියල් 426 දක්වා වැඩි කර තිබෙනවා.

රුපියල් 356ක් ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 329 දක්වා ද, රුපියල් 249ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 247 දක්වා ද අඩු කර තිබෙනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 431 සිට රුපියල් 434 දක්වා වැඩි කර තිබෙනවා