තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් සහ කළුතර දිස්ත්‍රික්ක වලට අද පස්වරුවේ තද වැසි ඇති විය හැකි බවයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කළ හැකි වනවා.

එසේම ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් ඒ අනුව බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.