ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්රබලයින් පිරිසක් අද රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ක්රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
පවතින තත්ත්වය හමුවේ මෙම නව නිලධාරී මණ්ඩලය ද තීරණාත්මක සාධකයක් වන අතර එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් මෙම නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් ද පැවරෙනු ඇත.
ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ.

