ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ඊයේ ආරම්භ වුණා.
එහි දී දෙපාර්ශවය විසින් එකඟතාවයට පැමිණ තිබූ ආකාරයට දෙපාර්ශවය විසින් ම ඔවුන් රඳවා තබා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් පිරිසක් නිදහස් කර තිබෙනවා.
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 24දෙනෙක් නිදහස් කරන ලද අතර එයට ඊශ්‍රායල ජාතිකයින් 13 ක්, තායිලන්ත ජාතිකයින් 10 ක් සහ එක් පිලිපීන ජාතිකයෙක් ඇතුලත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
මින් පෙර ද හමාස් සංවිධානය විසින් එක් වරක් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ අතර ඒ අනුව ඔවුන් විසින් නිදහස් කරන ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊශ්‍රායලය විසින් පලස්තීන ප්‍රාණ ඇපකරුවන් 39ක් නිදහස් කර තිබෙනවා.
මේ අතර වෛද්‍ය උපකරණ, ආහාර සහ ඉන්ධන රැගත් ලොරි රථ 137ක් පමණ ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.



