වැඩි කළ රාජ්‍ය සේවක වැටුපෙන් කොටසක් ජනවාරි සිට

රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ වැටුප් වැඩි කිරීමෙන් කොටසක් ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව රජයේ සේවකයන් සඳහා ලබා දීමට නියමිත රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ලබන ජනවාරියේ සිට ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී සාකච්ඡා කර තිබෙනවා.

අප්‍රේල් මාසයේ සිට අදාළ මුළු දීමනාවම ඔවුන් වෙත ලබා දෙන බවයි සඳහන් වෙන්නේ.

එසේම විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක පඩි වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරි සිට ලබා දීමට සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.