දේශිය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් මෙරට සීනි අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බව සෙවණගල සීනි සමාගම පවසනවා.
සීනි නිෂ්පාදනය ඉහළ දැමීම සදහා භාවිත කළ හැකි උක් ප්‍රභේද සොයාගැනීම සම්බන්ධ නිරික්ෂණ මෙම දිනවල සිදු කෙරෙමින් පවතින බවයි එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ලියනගේ මහතා පවසන්නේ.
එසේම ලබන වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලසුමක් මාස තුනක් තුළ දී සකස් කර භාර දෙන ලෙස භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක කාරක සභාව විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බවට ද එම කාරක සභාවේ දී කරුණු අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් එම එතනෝල් ප්‍රමිතියක් සහිත ව අපනයනය කිරීමට වැඩපිළිවෙළක් සැකසීම පිළිබවද අවධානය යොමු ව ඇති බව නිලධාරීන් එම කාරක සභාව හමුවේ සඳහන් කර ඇත.
සෙවනගල, පැල්වත්ත ඇතුළු රජයට අයත් සීනි කර්මාන්තශාලා හතරෙන් දැනට නිෂ්පාදනය වන්නේ ලංකාවේ අවශ්‍යතාවයෙන් 20%ක් පමණක් වන අතර ඉතිරි 80%ක ප්‍රමාණය ආනයනය කරනු ලබනවා.

