පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය වන බවයි ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
වමත් දඟපන්දු යවන්නෙකු ලෙස සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස ඉමාඩ් වසීම් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 66ක් ක්‍රීඩාකර තිබෙනවා.
එසේම ඔහු එක්දින තරගවල දී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන ද තිබෙනවා.
පහතින් දැක්වෙනුයේ ඔහු සිය නිල X ගිණුමේ තැබූ සටහනයි


