රේගුවේ නිවසටම භාණ්ඩ සැපයීමේ ක්‍රමවේදය නතර වෙයි

නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “Door to Door” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව තීරණය කර තිබෙනවා.

විදෙස්ගත පුද්ගලයන් විසින් ශ්‍රී ලංකාවට එවන භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට ගෙන ගොස් භාර දීම මෙහි දී සිදු කෙරිණි.

කෙසේවෙතත් මෙහි දී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි ලැබීම සහ ඒ හරහා සිදු කළ විවිධ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රමවේදය තාවකාලිකව නතර කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර, එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය අදාළ නොවන බවයි රේගුව සඳහන් කරන්නේ.

එසේම දෙසැම්බර් මස පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රි ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකි වනවා.