රජයේ රෝහල් වල සිරින්ජර් හිඟයක අවදානමක්

රජයේ රෝහල් තුළ සිරින්ජර් හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇතැයි වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ඖෂධ එන්නත්කරණය, රුධිර පරික්ෂාවන් ඇතුළු සේවාවන් රැසකට බාධා එල්ල විය හැකි බවයි.

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට ආදාළ සිරින්ජර් කිසිවක් මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති බවයි අනාවරණය වී තිබෙන්නේ.

එම හිඟය මඟ හරවා ගැනීම සඳහා අනුමත කළ මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට සිරින්ජර ටෙන්ඩරයක් ද තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත්හිටුවා තිබෙනවා.

එසේම මිලිලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර පමණක් කුඩා ප්‍රමාණයේ තොගයක් පවතින නමුත්, මිලිලීටර 20, සහ මිලිලීටර 10 සිරින්ජර අවශ්‍යතාවයන් සඳහාත් එම සිරින්ජර වැඩි වශයෙන් යොදා ගැනීම හේතුවෙන් එම සිරින්ජර තොගය ද ඉදිරි මාසයේදි අවසන් වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.