සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන වි.කෝ. කියයි

2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පාර්ලිමේන්තුවේ සඳහන් කළේ ඉදිරි දින දෙක තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.