වසර 10කට පසු වාන් දැමූ සමනල වැව

පවතින අධික වර්ෂාව හේතුවෙන් සමනල වැව ජලාශය වසර 10කට පමණ පසු වාන් දමා ඇතැයි ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට 90% ඉක්මවා ඇති අතර කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම මට්ටමෙන් සිදු කෙරෙන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

එසේම ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.