චීනයේ ගත වූ දින කිහිපයක සිට හඳුනානොගත් නියුමෝනියා රෝගී තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින් බව වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම රෝගය ප්‍රධාන වශයෙන් උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
මෙම රෝගයට ගොදුරු වුවන්ගෙන් බහුතරයක් ළමයින් වන අතර බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුරට තොරතුරු තමන් වෙත දන්වන ලෙසට හා රෝගය පාලනය කිරීම සඳහා සුදුසු පියවර ඉක්මනින් ගන්නා ලෙසට යි.

