දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු පැසිෆික් කලාපයේ Vanuatu ප්‍රදේශයට අද ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එම කම්පනය රික්ටර් මාපකයේ 7ක ප්‍රබලත්වයෙන් යුතු වුණු බවයි.

කම්පනය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10ක් ගැඹුරින් සිදු වී තිබෙනවා.

මේ හේතුවෙන් සිදු වූ හානි කිසිවක් දැනට වාර්තා වී නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද සිදු කර නොමැති බවයි වාරතා වෙන්නේ.