හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය විසින් යම් කොන්දේසි මත යටත්ව සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගේ නිවේදනය කළේ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින 200කට අධික ප්‍රාණඇපකරුවන් අතුරින් කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු දින 04ක් තුළ මුදාහැරීමටත්, එම කාලය අතරතුර සටන් විරාමය දියත් කිරීමටත් එකඟත්වය පළ කර ඇති බවයි.
මේ වන විට සටන් විරාමය ආරම්භ වන දිනයක් හෝ වෙලාවක් නිශ්චිත වශයෙන් දන්වා නොමැති අතර නෙතන්යාහු පවසන්නේ සටන් විරාමය ආරම්භ වන තෙක් ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර දිගටම සිදු කරන බවයි.
මෙම සටන් විරාමය කිසිසේත්ම යුද්ධයේ අවසානය නොවන බවයි ඊශ්‍රායල රජය දැඩි ලෙස අවධාරණය කරන්නේ.
අල් ෂිෆා රෝහලේ සිටින රෝගීන් වෙනත් රෝහල්වලට රැගෙන යාම සඳහා ගිලන් රථ 14ක් රෝහල වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


