සැප්තැම්බරයේ අස්වැසුම ගෙවීම් හෙට සිට

සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571ක අස්වැසුම ගෙවීම් මේ වන විට බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරනවා.

ඒ අනුව එම මුදල් හෙට සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

සැප්තැම්බර් මාසයේ දී පවුල් දහතුන් ලක්ෂ 77,000 කට අස්වැසුම ගෙවීම් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගත් පුද්ගලයින් සඳහා ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට ද සැලසුම් කර තිබෙනවා.