රටේ දරුණු ආර්ථික අර්බුදයක් ඉදිරි අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වූ ජන කොටස් වෙත සහන සැලසීමට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට ද මෙවර අයවැයෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ .

