ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය තවදුරටත් අහිමි වෙයි

පසුගිය දා පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම, තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය අද තීරණය කර තිබෙනවා.

අද අහමදාබාද්හිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ඒකමතිකව සම්මත වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලනික අතපෙවීම් සිදුවන බවට චෝදනා කරමින් පසුගිය 10 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබුවා,

මෙලෙස සාමාජිකත්වය අහිමිව ගියත් ශ්‍රී ලංකා පිරිමි ,කාන්තා සහ යොවුන් කණ්ඩායම්වලට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ ICCතරගාවලිවලට සහභාගිවීමට කිසිදු බාධාවකින් තොරව ඉඩ ලබා දීමට ද ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් පනවා තිබෙන තහනම ඉවත් කරනතුරු ශ්‍රී ලංකාවට ICC යෙන් ලබා දෙන අරමුදල් පිළිබඳව දැඩි කොන්දේසි පැනවීමටත්, එය පාලනය කිරීමටත් පියවර ගනු ඇත.