ත්‍රිපෝෂ වල ඇෆ්ලාටෝක්සින් මට්ටම සංශෝධනයට අනුමැතිය

ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා පනවා ඇති උපරිම ඇෆ්ලැටොක්සින් මට්ටම් සංශෝධනය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන යටතේ මාස 6 සිට අවුරුදු 3 දක්වා අඩු පෝෂණ මට්ටමක් ඇති ළමුන් සඳහා අතිරේක ආහාරයක් ලෙසත් ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සඳහා අතිරේක පෝෂකයක් ලෙසත් ත්‍රිපෝෂ ලබා දෙනු ලබනවා.

කෙසේ වෙතත්, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසිවල නියම කර ඇති සම්පූර්ණ ඇෆ්ලැටොක්සින් සඳහා වන දැඩි සීමා හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එබැවින් ජාත්‍යන්තරව පිළිගත් ආහාර අතිරේකවල B1 වර්ගය සඳහා 5 ppb සහ සම්පූර්ණ Aflatoxin මට්ටම සඳහා 10 ppb ලෙස සීමා පැනවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත